Tuesday, June 7, 2011

කොළයක් බලාගෙන Type කරන්න කම්මැලිද?

අපේ සමහර අයට එපා වෙන වැඩ සෙට් වෙන වෙලාවල් තියෙනව.ඒ ජාතියෙ එකක් තමයි මොකක් හරි බලාගෙන ටයිප් කරන්න සිද්ධ වෙන එක.(වචනයක් 2ක් නම් කමක් නෑ,ඒත් දිග හෑලි ගහන්න හම්බුනොත්!) ඒ වගේ වෙලාවට ඔබට Scanner 1ක් තියෙනවනම් මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වේවි.සමහර අයට images වල තියෙන texts මොනව හරි වැඩකට යොදා ගන්න වුනාමත් පණ යනකන් type කරනවනෙ,එහෙම වෙලාවටත් මේක ඕන වේවි.

ඔයාල අහල තියෙනවද OCR තාක්ෂණය ගැන? ඒ කිව්වෙ Optical Character Recognition. මේ තාක්ෂණයෙන් පුලුවන් image එකක හරි PDF එකක හරි තියෙන text කොටස් විශේෂ තාක්ෂණයක් හරහා අදුන ගන්න.ඊට පස්සෙ text or Word file එකක් විදියට ලබා ගන්න හැකියාව තියෙනව.පත්තර පිටු ගණනක document එකක් මේ විදියට කළාම type කරන්න යන පැය ගණනක් ඉතිරි වෙනව.පින්තූර රාශියක තියෙන text parts extract කරන්න මේ තාක්ෂණයට යන්නෙ මිනිත්තු ගණනක්.


මේ විදියෙ සේවාවක් නොමිලේ ලබාදෙන වෙබ් අඩවියක් ඔයාලට හදුන්වල දෙන්නෙ නැතුව කොච්චර මම මේ ගැන කයිවාරැ ගැහුවත් වැඩක් නැහැනෙ.මේ වෙබ් අඩවියට ගිහින් ඔයාලට type කරන්න එපා වෙච්ච පොතේ/පත්තර පිටුවෙ scanned image එකක් දුන්නොත්,එහෙම නැත්නම් text 1ක ගන්න ඕනි කරන image එක (JPG, JPEG, BMP, TIFF, GIF) දුන්නම ක්ෂණිකව ඒකෙන් Word, Text, Excel, PDF, Html යන ඕනෑම format එකකින් output එක ගන්න පුලුවන්.
මේ අඩවියේ නොමිලේ දෙන සේවාව හරහා පැයකට පින්තූර 15ක් මේ විදියට සකස් කරන්න අවස්ථාව දෙනව.

මෙතනින​ ඒ web site එකට යන්න


Monday, June 6, 2011

Facebook use කරන ඔබ මේ ගැනත් දැන ගන්න...

ඔබේ Facebook Account එක හැකර් කරැවන්ගෙන් ආරක්ෂා කරගන්න.

මේ දවස්වල හැමෝටම තියෙන ගැටලුවක් තමයි තමන්ගෙ Facebook account එක hackers ලගෙන් පරිස්සම් කරගන්න එක.මේ ළගදි අපේ යාලුවෙක්ගෙ FB account 1ක් hack කරල එයා මුහුණ දීපු අපහසුතාවය දැකල අපේ magazine එක බලන ඔයාලටත් මේ ආරක්ෂිත පියවර ගැන දැනුම් දෙන්න හිතුවා....

මුලින්ම යන්න ඔයාලගෙ Facebook Account එකට
ඒකෙ HOME | PROFILE | ACCOUNT කියල ටැබ් 3ක් තියෙන්නෙ,එතනින් ACCOUNT කියන tab එක උඩ click කරන්න.
එතකොට open වෙන menu එකෙන් Account Settings යන්න
එතකොට open වෙන window එකෙ පහක සදහන් විදියට Account Security tab එක උඩ click කරන්න.
ඊට පස්සෙ ඉහත පෙන්නල තියෙන විදියට Ticks ටික දාන්න

මේ විදියට කළාම වෙන්නෙ මොකක්ද දන්නවද ඔයාලගෙ Account එකට වෙන පරිගනකයකින් log වෙන්න හදනකොට Pin Number එකක් ඉල්ලනවා.ඒ Pin Number එක Send වෙන්නෙ තමන්ගේ Mobile Phone එකට.තමන් log වෙනවා නමි Pin එක ඈතුලත් කරාම ඒ පරිගණකය ආරක්ෂිතයි කියල Facebook site එකෙන් දැනගෙන,වැඩි හොදට ඒ පරිගණකය අදුන ගන්න නමකුත් කැමතිනම් දාල ගැටලුවක් නැතුව log වෙන්න පුලුවන්.
හැබැයි ඒ log වෙන්න හදන්නෙ වෙන කවුරැ හරිනම් එයාල එතනදි හිර වෙනව.මොකද ලොග් වෙන්න එයාල User name and Password දැන ගත්තට phone එක තියෙන්නෙ ඔයාලගෙ අතේනෙ.ඉතින් ඒ code එක එයාලට දැනගන්න වෙන්නෙ නෑ.
වැඩි හොදට දැන් Facebook 1න් ඔයාලට කෙටි පණිවිඩයකුත් ඒවි මෙහෙම දෙයක් ඔයාලගෙ account 1ට මේ වෙලාවෙ වෙනව කියල.ඔයාලට එතකොට කැමතිනම් ටක් ගාල password එක මාරැ කරන්නත් පුලුවන්


මේ තොරතුර වැදගත් කියල හිතෙනවනම් comment 1ක් දාල යන්න :)

Sunday, June 5, 2011

ධම්ම පාසාදිකය



ධම්ම පාසාදිකය යනු ත්‍රිපිඨක සෙවුම් වැඩසටහනකි. මෙමගින් metta.lk හි ඇති ත්‍රිපිඨක පරිවර්තනයේ අන්තර්ගතය තුල සෙවීම් කල හැකිය(අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ).

උදාහරණ වශයෙන් යම් සූත්‍ර දේශනාවක් ත්‍රිපිඨක තුල අන්තර්ගත වන්නේ කවර ස්ථානයේද යන්න නොදත් විට එම සූත්‍ර දේශනාවේ නම මෙම නිවැරදිව මෙම වැඩසටහනට ලබාදීමෙන් අදාල සූත්‍රය(metta-net පරිවර්තනය) ප්‍රතිඵලය ලෙස ලැබේ. එමෙන්ම කිසියම් වචනයක් උතුම් ත්‍රිපිඨකය තුල සඳහන් වන්නේ කවර සූත්‍ර දේශනා තුලද යන්නද මෙම පරිගණක වැඩසටහන මගින් සොයාගත හැකිය.උදාහරණයක් ලෙස යම් අයෙකුට "සතිපට්ඨානය" යන වදන ත්‍රිපිඨකයේ කවර ස්ථානයන්හි සඳහන්වේද යන්න දැන ගැනීමට "සතිපට්ඨානය" ලෙසින් මෙහි සෙවුමක් යෙදූවිට මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුලු තවත් සූත්‍ර විශාල සංඛ්‍යාවක් ප්‍රථිඵල ලෙස ලැබේ.



ධර්මය වඩ වඩාත් බුද්ධ ශ්‍රාවකයින් අතරට ගෙනයාම මෙම පරිගණක වැඩසටහනේ අරමුණයි.


පහතින් සදහන් කරන ලින්ක් එක තුලට ගොස් ගැලපෙන සංස්කරණය ​තෝරා ගන්න

TipitakaSearch

චීනයෙන් ගූගල් විද්‍යුත් ලිපිනයන්ට හැකර් ප්‍රහාරයක්!




ප්‍රබල ඇමෙරිකානු දේශපාලකයින්ගේ ජීමේල් විද්‍යුත් ලිපින සහා ඇමෙරිකානු හිතවාදී ආසියාතික දේශපාලකයින්ගේ ජීමෙල් ලිපින ඉලක්ක කරගනිමින් චීනයෙන් හැකර් ප්‍රහාර මාලාවක් එල්ලවූ බව ඇමෙරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍යය ආයතනය වාර්තාකර සිටියි.

චීනයේ ජීනන් (Jinan) ප්‍රදේශයෙන් එල්ලව ඇති මෙම හැකර ප්‍රහාර මාලාව දකුණු කොරියානු දේශපාලකයින්, මාධ්‍යවේදීන්, සන්නද්ධ පිරිස් සහා චීන විරුද්ධ පක්‍ෂ දේශපාලන ක්‍රියාකාරීන් ද ඉලක්කව ඇති බව එම වාර්තාව පෙන්වා දේ.

ඉහත පුද්ගලයින්ගේ විද්‍යුත් ලිපින කියවීම මෙම ප්‍රහාර මාලාවේ අරමුණ වූ බව ගූගල් සමාගම විසින් දන්වා සිටි බව ද එම වාර්තාව කියා සිටියි.

‍චීනයේ බීජිං නුවර දකුණින් කිලෝමීටර් 250ක් දුරින් පිහිටා ඇති ජීනන් නගරය තුළ චීන නිදහස් මහජන හමුදාවේ (People’s Liberation Army – PLA) තාක්‍ෂණික පිරික්සුම් උපදෙස් මණ්ඩලය පිහිටා ඇති බවත්, එය චීනයේ ජාතීක ආරක්‍ෂාව පිළිබඳව ඒජන්සියට සමාන බවත්, වෝල් ස්ට්‍රීට් පෙන්වා දේ.

තොරතුරැ - ලංකා සයිබර් නිවුස් වෙතින්

Saturday, June 4, 2011

අන්තර්ජාලයේ සැරිසරන විට සිංහල තේරැම් ක්ෂනිකව ලබා ගන්න

සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්‍ෂණිකව ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්‍රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්‍යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැති ව නොතේරන ඉංග්‍රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කර ගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්‍ය නොවේ.

මේක ගොඩක් usefull software 1ක්. comment 1ක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.....

http://subasa.lk/ingiya.php

නොමිලේ කොම්පියුටර් ගේම් බාගන්න!



ඔයාලා කැමති විදියට විනෝද වෙන්න පුලුවන් නවතම කොම්පියුටර් ගේම් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න කැමතිද? එහෙම් මෙතනින් මම දානව ලින්ක් එක.ගේම්ස් දාගත්තට පස්සෙ comment එකක් දාන්නත් අමතක කරන්න එපා යාලුවනේ..
http://www.nice-games.net