Sunday, June 5, 2011

චීනයෙන් ගූගල් විද්‍යුත් ලිපිනයන්ට හැකර් ප්‍රහාරයක්!




ප්‍රබල ඇමෙරිකානු දේශපාලකයින්ගේ ජීමේල් විද්‍යුත් ලිපින සහා ඇමෙරිකානු හිතවාදී ආසියාතික දේශපාලකයින්ගේ ජීමෙල් ලිපින ඉලක්ක කරගනිමින් චීනයෙන් හැකර් ප්‍රහාර මාලාවක් එල්ලවූ බව ඇමෙරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍යය ආයතනය වාර්තාකර සිටියි.

චීනයේ ජීනන් (Jinan) ප්‍රදේශයෙන් එල්ලව ඇති මෙම හැකර ප්‍රහාර මාලාව දකුණු කොරියානු දේශපාලකයින්, මාධ්‍යවේදීන්, සන්නද්ධ පිරිස් සහා චීන විරුද්ධ පක්‍ෂ දේශපාලන ක්‍රියාකාරීන් ද ඉලක්කව ඇති බව එම වාර්තාව පෙන්වා දේ.

ඉහත පුද්ගලයින්ගේ විද්‍යුත් ලිපින කියවීම මෙම ප්‍රහාර මාලාවේ අරමුණ වූ බව ගූගල් සමාගම විසින් දන්වා සිටි බව ද එම වාර්තාව කියා සිටියි.

‍චීනයේ බීජිං නුවර දකුණින් කිලෝමීටර් 250ක් දුරින් පිහිටා ඇති ජීනන් නගරය තුළ චීන නිදහස් මහජන හමුදාවේ (People’s Liberation Army – PLA) තාක්‍ෂණික පිරික්සුම් උපදෙස් මණ්ඩලය පිහිටා ඇති බවත්, එය චීනයේ ජාතීක ආරක්‍ෂාව පිළිබඳව ඒජන්සියට සමාන බවත්, වෝල් ස්ට්‍රීට් පෙන්වා දේ.

තොරතුරැ - ලංකා සයිබර් නිවුස් වෙතින්

0 යිනෙ තාම comments..! ඔයා එකක් දැම්මොත් නරකද?..:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..