Tuesday, August 9, 2011

Facebook පාවිච්චි කරන යාලුවන්ට වටින software එකක්...


සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති.අපි facebook එකේ ඉන්නකොට එක පාරටම දකිනවනෙ යාලුවෙක්ගෙ ලස්සන photo albums...... එහෙමත් නැත්තන් හිතන්න අපිත් එක්ක හිටපු යාලුවෙක්ගෙ wedding එකේ photos ටික එයා ඇල්බම් එකක් හදල දාලනම්,,,,,,,class එකේ party එකක අපි ළග නැති photos ගොඩක් යාලුවෙක්ගෙ album එකක තියෙනවනම්.........
කථා 2ක් නෑ අපි කරන්නෙ බාගන්නව ඔක්කොම ටික අපේ computer එකට...එහෙම නේද?
හොදයි නිකමට හිතන්න album එක photos 50ක,100ක,200ක එකක් කියල... හිහිහිහි... එතකොටත් මුලු ඇල්බම් එකේම පින්තූර ටික open කර කර save කර කර ඉන්න ගියාම ෂෝක් කට්ට නේද... හිහිහි... ඒකට විසදුමක් විදියට තමයි මේ software එක උදව්වට එන්නෙ.. මේකෙන් පුළුවන් යාළුවනේ facebook එකේ අපිට අයිති හරි,අපේ යාළුවෙක්ට අයිති හරි,අපිව tag වෙච්චි හරි photos ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරගන්න...

මෙතනින් ගිහින් FB Downloader බාගන්න...

comment එකක් විතරක් ඉතුරු කරල යන්න.... අපිට ඒ ඇති යාලුවනේ.... :D..


Like එකක් දාල facebook එකේ යාලුවන්ට Send කරල ඕන්නම් එයාලටත් news එක දෙන්න.


Sunday, August 7, 2011

සිංහළ PC Magazine ලිපිනය වෙනස් කරන ලදී.. :)


අපේ බ්ලොග් එකේ නම සිංහළ PC Magazine වුනාට මෙච්චර කාලයක් ලිපිනය විදියට තිබුනෙ lankamag.blogspot.com කියන ලිපිනයනෙ.ගොඩක් දෙනා කිව්ව බ්ලොග් එකේ නමට ඇඩ්රස් එක සමානව දාන එක හොදයි කියල.මොකද මතක තියාගන්න පහසුයිනෙ.මටත් තේරුණා වැඩේ ඇත්ත තමයි කියල.ඉතින් අද ඉදන් අපේ ලිපිනය sinhalapcmag.blogspot.com මම හිතනව මේ කරපු වෙනස්කම හොද ඇති කියල. කලින් ලිපිනය book mark එහෙම කරගෙන හිටපු යාලුවො ඉන්නවනම් සමාවෙලා ඔයාලගෙ bookmarks update කරගන්න හොදේ...

මේකෙන් මොනව හරි අවුලක් වෙයිද මන්ද... තාම අත්දැකීම්නම් නෑ.. බලමු....... :ඩී

අපේ Blog එකේ තියෙන බිදුණු links (Broken Links) හොයමු..



මේක මටනම් ඕනම වෙලා තිබුණු දෙයක් තමයි.මේ ලියන මොහොතෙත් මම මේක පාවිච්චි කරනව.මොකද දන්නවද blog එකක් කරගෙන යන අපිට තියෙන එකම සතුට අපේ බ්ලොග් එක කවුරු හරි කියවල comment එකක් එහෙම දාල යනවනම්නෙ.ගොඩක්ම සතුටට පත් වෙන පරිශීල​කයො members ල විදියට රෙජිස්ටර් වෙනව.ඒක ලොකු සතුටක්නෙ නේද.ඒත් ඒකට අපේ blog බලන්න එන පරිශීලකයන්ට අවශ්‍යම දේ අපි දෙනවද කියන එක අපි සහතික කරගන්න ඕනෙ.(මට හිතෙන හැටියට). මෙතනදි වැදගත්ම වෙන දෙයක් තමයි අපි ලබාදෙන Links.පම්පෝරි ගහල ගහල පල කරන සමහර links සමහර වෙලාවට වැඩ නොකරන තත්වෙට පත් වෙනව කියල ඔයාල දන්නව ඇතිනෙ.මගේ වගේ තාම පොඩි blog එකකට වඩා ගොඩක් ලොකු,ලිපි ගොඩක් තියෙන blog එකක links ඉබේටම දහස් ගණනක් වෙනව. අනික අපි උනත් අලුතෙන් දාන posts වල ලින්ක්ස් ටික දවසක් යනකන් කෝකටත් කියල චෙක් කලත් පරණම ඒව ඉබේටම අතපසු වෙනව.ලොකු blog එකකනම් manually චෙක් කරන එක හිතන්නවත් බැහැ. උදාහරණයක් විදියට මේ ලිපිය හැර කලින් තිබුණු ලිපි ගණනට අදාල (ලිපි 10යි) විවිධාකාර links ගණන 356ක්.ඉතින් නිකමට හිතන්න මේ links ඔක්කොම යහපත් මට්ටමේ තියෙනව කියල කොහොමද අතින් click කරල හොයන්නෙ..?

මේකට මට හම්බුනා පුංචි software කෑල්ලක්.​මේක 427KB සයිස් පොඩි එකක්.















 මේක පලමුව install කරල open කරගන්න

ඊට පස්සෙ FILE --> CHECK URL හෝ Ctrl + N ඔබන්න

 
 

ඉන්පසු විවෘත වෙන මේ dialogue box එකේ උඩම කොටුව තුළ වෙබ් අඩවියේ ලින්ක් එක දෙන්න.දීල OK කරන්න

දැන් අපේ links ඔක්කොම ටික මෙයා චෙක් කරයි. වැඩ නොකරන එව්වා රතු පාටින් පෙන්නනව.එතකොට ඒව හදන්න පුලුවන්. මේ වැඩේට මිනිත්තු 4ක් 5ක් වත් යන්නෙ නෑ..

ඔයාලට වැදගත් වුනානම් මේ ලිපිය comment එකක් දාල Like කරල යන්නත් අමතක කරන්න එපා හොදේ.... :) :D

Thursday, August 4, 2011

යන යන තැන අරන් යන්න usefull වෙන portable apps ටිකක්..



අපිට සමහර වෙලාවට අපේ PC එක නැතුව වෙන අයගෙ කොම්පියුටර් එකක වැඩ කරන්න වෙනවනෙ.ඒ වගේම තමයි office එකේ කොම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් යන්න,වැඩ කරගන්න පුරුදු වෙලා ඉන්නවනම් ඒ කොම්පියුටර් එකේ තියෙන සමහර software,browsers වගේ ඒව අපිට හුරුත් නැහැ වගේ ගතියක් දැනෙනව ඈති.අනික internet යනකොටනම් අපි save කරගෙන ඉන්න bookmarks ටික එහෙම නැතිවුනාම ඉන්ටර්නෙට් තිබිල මොකටද කියල හිතෙන වෙලාවලුත් තියෙනව..

තව දෙයක් තියෙනව,අපි ඉන්ටර්නෙට් යන්නෙ cafe එකකින් නම් facebook,Gmail,Yahoo වගේ ඒවට ලොග් වෙනකොට තමන්ගෙ Username,Password වගේ ඒව නොදන්න browser එකක type කරන්නත් වෙනව.ඒක නොකර බැරි නිසා කළාට අපි ගොඩක් වෙලාවට ඒක කරන්නෙ අකමැත්තෙන් වගේනෙ.ඒ මදිවට Username/Email එකයි Password එකයි මාගලක් වගේ දිග එකක්නම් ඉතින් 2පාරක් විතර ටයිප් කරද්දි හොද පණ යනව.ගෙදර තියෙන browser එක ගේන්න තිබ්බනම් හොදයි කියලත් හිතෙනව නේ...?

ඒකට පොඩි විසදුමක් තියෙනව,ඒ තමයි portable apps පාවිච්චි කරන එක. USB Flash drive එකට install කරන්න පුලුවන් මේව.අපේ bookmarks,login details ඔක්කොම browser එක පිටින්ම යන යන තැන අරන් යන්න පුලුවන් එතකොට... ​හැම computer එකක්ම ගෙදර වගේ පාවිච්චි කරන්න පුලුවන්...


ඔපෙරා portable web browser එක මෙතනින් ගන්න..







Chrome portable web browser එක මෙතනින් ගන්න..






Firefox portable web browser එක මෙතනින් ගන්න..








Skype portable version එක මෙතනින් ගන්න..


Comment එකකුත් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්....  :) අඩුම ගානෙ Like එකක්වත් දාන්න යාලුවනේ..

Tuesday, August 2, 2011

ඔබත් සයිබර් අපරාධයකට මුහුණ දුන්නාද?



අන්තර්ජාලය හරහා මේ වන විට විවිධ අපරාද සිදුවෙනව කියල දන්නවනෙ... ලංකාවෙ අපේ අයියලත් දැන් ටික ටික අන්තර්ජාලයෙන් මේ වැඩ වලට බහිනව කියල පත්තර එහෙම කියවනකොට පේනව.. අද මම post එකෙන් කියන්න යන්නෙ download කරගන්න පුලුවන් software එකක් ගැනවත් website එකක් ගැනවත්නම් නෙවෙයි යාලුවනේ.. මේ වගේ අන්තර්ජාලයෙන් අපරාධයක් අපිටත් සිද්ද වුනොත් ඒක පැමිණිලි කරන්න ඕන විදිය ගැනයි කියන්න හිතුවෙ...

දැන් ගොඩක් අය හිතනව ඇති අපිට කවද්ද අපරාධ වෙන්නෙ,අපි දැහැමින් සෙමින් ජීවත් වෙන අයනෙ කියල... (අන්තර්ජාලයේ)... ඒ වුනාට එහෙම අයට තමයි මේ වගේ වැඩ set වෙන්නෙ වැඩිපුරම. මේක බලන හැමෝම ඉතින් ​Facebook,Google + වගේ සෝෂල් නෙට්වර්කින් වෙබ් අඩවි වල ඉන්නවනෙ.. මේවගේ ඒවයෙ තමන්ගෙ පුද්ගලික තොරතුරු පිට අය ගන්න තියෙන ඉඩ කඩ වැඩියි.ඒ වගේමයි මම ලාවට දන්න girl කෙනෙක්ගෙ profile එකක් මේ ලගදි hack කරල ඒකෙ එයා වගේ අනිත් අය එක්ක chat කරල.. තව තව etc ගොඩක් ඒව.. ඉතින් මේ වගේ ඒවත් වැටෙන්නෙ සයිබර් අපරාධ වලට තමයි, ඔයාල දන්න කියන කෙනෙක්ට හරි,ඔයාලට හරි මෙහෙම දෙයක් වුනොත් ලංකාවෙ අය report කරන්න මෙන්න මෙතනට ගිහිල්ල... 

මේ තොරතුර ​facebook වගේ social webs වල ඉන්න ඔයාලගෙ යාලුවො එක්කත් බෙදාගන්න එක වැදගත් වෙයි...