Sunday, August 7, 2011

අපේ Blog එකේ තියෙන බිදුණු links (Broken Links) හොයමු..



මේක මටනම් ඕනම වෙලා තිබුණු දෙයක් තමයි.මේ ලියන මොහොතෙත් මම මේක පාවිච්චි කරනව.මොකද දන්නවද blog එකක් කරගෙන යන අපිට තියෙන එකම සතුට අපේ බ්ලොග් එක කවුරු හරි කියවල comment එකක් එහෙම දාල යනවනම්නෙ.ගොඩක්ම සතුටට පත් වෙන පරිශීල​කයො members ල විදියට රෙජිස්ටර් වෙනව.ඒක ලොකු සතුටක්නෙ නේද.ඒත් ඒකට අපේ blog බලන්න එන පරිශීලකයන්ට අවශ්‍යම දේ අපි දෙනවද කියන එක අපි සහතික කරගන්න ඕනෙ.(මට හිතෙන හැටියට). මෙතනදි වැදගත්ම වෙන දෙයක් තමයි අපි ලබාදෙන Links.පම්පෝරි ගහල ගහල පල කරන සමහර links සමහර වෙලාවට වැඩ නොකරන තත්වෙට පත් වෙනව කියල ඔයාල දන්නව ඇතිනෙ.මගේ වගේ තාම පොඩි blog එකකට වඩා ගොඩක් ලොකු,ලිපි ගොඩක් තියෙන blog එකක links ඉබේටම දහස් ගණනක් වෙනව. අනික අපි උනත් අලුතෙන් දාන posts වල ලින්ක්ස් ටික දවසක් යනකන් කෝකටත් කියල චෙක් කලත් පරණම ඒව ඉබේටම අතපසු වෙනව.ලොකු blog එකකනම් manually චෙක් කරන එක හිතන්නවත් බැහැ. උදාහරණයක් විදියට මේ ලිපිය හැර කලින් තිබුණු ලිපි ගණනට අදාල (ලිපි 10යි) විවිධාකාර links ගණන 356ක්.ඉතින් නිකමට හිතන්න මේ links ඔක්කොම යහපත් මට්ටමේ තියෙනව කියල කොහොමද අතින් click කරල හොයන්නෙ..?

මේකට මට හම්බුනා පුංචි software කෑල්ලක්.​මේක 427KB සයිස් පොඩි එකක්.















 මේක පලමුව install කරල open කරගන්න

ඊට පස්සෙ FILE --> CHECK URL හෝ Ctrl + N ඔබන්න

 
 

ඉන්පසු විවෘත වෙන මේ dialogue box එකේ උඩම කොටුව තුළ වෙබ් අඩවියේ ලින්ක් එක දෙන්න.දීල OK කරන්න

දැන් අපේ links ඔක්කොම ටික මෙයා චෙක් කරයි. වැඩ නොකරන එව්වා රතු පාටින් පෙන්නනව.එතකොට ඒව හදන්න පුලුවන්. මේ වැඩේට මිනිත්තු 4ක් 5ක් වත් යන්නෙ නෑ..

ඔයාලට වැදගත් වුනානම් මේ ලිපිය comment එකක් දාල Like කරල යන්නත් අමතක කරන්න එපා හොදේ.... :) :D

2 comments:

  1. එල එල නියම බඩුවක්....තැන්කූ..........​...........

    ReplyDelete
  2. බොහොම ස්තූතියි චිරාන්... තව හම්බෙනකොට මම දාන්නම්.. :)

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..