Tuesday, August 30, 2011

බ්ලොග් එකේ Posts වලට විතරක් වැදගත් Widgets, බ්ලොග් Home Page එකෙන් ඉවත් කරන්නේ කෙසේද?

http://blogging4jobs.com/wp-content/uploads/2010/03/i_love_blogging1.jpg
අද කියන්න යන්නේ මේකයි... දැන් සමහර Sharing widgets, Polls, සමහර දැන්වීම් widgets එහෙම ඔක්කොම home page එකේ load වෙනවනම් ඒක නරඔන්නන්ටත් අපහසුයි,බ්ලොග් එකත් අවුලක් වගේ වෙනවනෙ. නමුත් බ්ලොගගර් වල widget දර්ශනය වෙන්න ඕනෙ කොයි තැන් වලද කියල තෝරන්න අපිට පහසුකම් ලබා දෙන්නෙත් නැහැ.ඒකට කරන්න ඕනෙ වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවෙ
දැන් මම ඉහත සදහන් කරපු දේ සමහර අයට නොතේරුණා වෙන්න පුලුවන්. උදාහරණයකට ගන්න මේ වම් අත පැත්තෙන් තියෙන Social Sharing widget box එක.. ඒක මම Add කලේ widget එකක් විදියට. නමුත් මේක Home Page එකේ දර්ශනය වෙන එකෙන් වැඩක් නැති නිසා මම මේක Posts වල විතරක් දර්ශනය වෙන විදියට හැදුවා... (ඔයාල ඒක home page එකේදි දැක්කෙ නැත්තෙ ඒකයි)

දැන් බලමු ඒක කරන්නෙ කොහොමද කියල

පියවර 01
ඔයාට අවශ්‍ය කරන Widget එකට නමක් තියෙනවනම් නම කොපි කරගන්න.නමක් නැත්තම් තාවකාලිකව නමක් දාගන්න.දැම්මට පස්සෙ ඒ නම කොපි කරගන්න.


පියවර 02
බිලොගගර් වල Template --> Edit HTML යන්න. ඒකෙ මතක ඇතුව Expand Widgets Templates කියන තැන ටික් එකක් දාගන්න


පියවර 03
දැන් Ctrl + F ගහල Find වින්ඩෝව තුළ අර කළින් කොපි කරගත්ත Widget එකේ නම පිටපත් කරල ඒක HTML codings වල තියෙන තැන හොයා ගන්න. Search the widget titile name and find it in HTML Codings

පියවර 04

දැන් එතන තියෙන Code එක මීට සමාන එකක් වෙන්න ඕනෙ
<b:widget id='HTML8' locked='false' title='WIDGET එකේ නම'type='HTML'>

    <b:includable id='main'>

    bla bla bla bla

    </b:includable>
    </b:widget>

එතන කොළ පාටින් High Light කරල තියෙන තැන් වලට යටින් සහ උඩින් පහත සදහන් විදියට අලුත් code කෑල්ලක් Paste කරන්න. අලුත් කෝඩ් එක නිල් පාටින් High Light කරන්නම් පැහැදිලි වෙන්න
&lt;b:widget id='HTML8' locked='false' title='WIDGET එකේ නම'type='HTML'&gt; 
 
<b:includable id='main'>

<b:if cond='data:blog.pageType == "item"'>

bla bla bla bla

</b:if>

</b:includable> 
    </b:widget>
දැන් හරි... දැන් ඔයාලගෙ Home Page එකට ගිහින් බලන්න..ඒ Widget එක පෙන්නන එකක් නෑ.. නමුත් Post එකකට ගියාම පෙනෙයි.... තේරුණේ නැති දෙයක් තියෙනවනම් ඉක්මනින්ම comment කරල අහන්න... පැහැදිලි කරන විදිය හොදයිනම් ඒ බවත් කියල යන්න හොදේ... සුභ දවසක්..!

2 comments:

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..