Wednesday, August 24, 2011

Windows 7 හි Logon Screen ලේසියෙන්ම මාරු කරමු..

ඔයාල දන්නව ඇති Windows 7 Logon screen එක මාරු කරන මැනුවල් ක්‍රමය ටිකක් කරදර වැඩක්.. නියමිත සයිස් එකට පින්තූර හදන්නයි,රෙජිස්ට්‍රි එක වෙනස් කරන්නයි...... ඔය වගේ වැඩ වැඩියි ඒ ක්‍රමේට... නමුත් මේ කියන්න හදන්නෙ ඒ ටිකම ඉක්මනින් කරල දෙන පුංචි tool එකක් ගැන.

මෙන්න නියම වැඩක් - Facebook status එක Google Plus හරහා update කරමු...හෙහ් හෙහ්...



අපි මෙව්ව මෙහෙම කරනව කියල facebook අයියල දැනගත්තොත් ඉතින් බඩ හපාගෙන මැරෙයි.. :) මහලොකු වැඩකුත් නෙවෙයි ඇත්තටම මේක,facebook එකෙන් සහ G+ එකෙන් දෙන පහසුකම් 2ක් එකට යොදාගෙන කරන ඇටවුමක් ​මේක..

පියවර 01
මුලින්ම කරන්න ඕනෙ  මෙන්න මෙතනින් ගිහින් facebook update කරන ඊ මේල් ලිපිනයක් ලබාගන්න. මේ ක්‍රමය කවුරුත් දන්නව ඇතිනෙ. ඒ මගින් ලබාදෙන ඊ මේල් ලිපිනයට යවන ​ලිපියෙහි අඩංගු දේවල් එවෙලෙම අපේ facebook ගිණුමට post වෙනව..

පියවර 02

දැන් යන්න ඔබේ Google Plus ගිණුමට.එතන තියෙන circles අංශයට යන්න.


සර්කල්ස් අංශයට ටැබ් එක
 දිස් වන්නේ මේ ආකාරයටයි.



පියවර 03
නව කවයක් (සර්කල් එකක්) හදන්න. එයට කැමති නමක් දෙන්න. උදා-my facebook circle. එහි ඇති නව පුද්ගලයෙක් එකතු කිරීමේ අංශයට යන්න.(පහත පරිදි)


එහිදී ඔබ පියවර 01 දී ලබාගත් ෆේස්බුක් ඊ මේල් ලිපිනය මෙහි සටහන් කරන්න.දැන් තේරෙනව ඇතිනෙ වෙන දේ..


පියවර 04
දැන් ඔබ ඔබේ Google plus stream/status එක update කරන විට "Add more people" යන්න තුළින් කලින් සකස් කරගත් circle එක එකතු කරන්න.


මතක ඇතුව Also email 1 person not yet using Google+ යන්න ඉදිරියෙන් හරි ලකුණක් දාන්න.
එච්චරයි. දැන් ඔයා Google status එක update කරනකොටම අර ලිපිනයටත් email එකක් යනව... ඒ ලිපියෙ එන එක කෙලින්ම ඔයාගෙ facebook status එකට update වෙනව.... හොදයිද වැඩේ...?




මෙච්චර වෙලා ලිපිය කියවපු ඔයා comment එකකුත් දාගෙනම යන්න.... සුභ දවසක් !

Wednesday, August 17, 2011

ෆයර්ෆොක්ස් (ගිණි හිවලා) 6 "සිංහළ" සංස්කරණය දැන්ම බාගන්න...අපේ පරිගණකය අපේම කරගමු...


පළමුවෙන්ම කියන්න ඕනෙ මේ වගේ දෙයක් සංවර්ධනය කරන්න දායක වුනු හැමෝටම (නම් වශයෙන් දන්නෙ නෑ) බොහොමත්ම ස්තූතියි.අපේ බොහොමයක් දෙනාට පරිගණකය කරා ළගා වීමට නොහැකි වෙන භාෂා ප්‍රශ්නය විසදන්න තවත් පියවරක් තැබීම ගැන.අපිට අපේ රටේ අනාගත ​තොරතුරු තාක්ෂණ මට්ටම ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන් වෙයි මේ වගේ දේවල් තව තවත් බිහි වීම තුළින්..ඉතින් පරිගණකය අපේ වුනාට ඒක හරියටම අපේ කර ගන්න අපේම මව් භාෂාවෙන් දුවන මේ වගේ මෘදුකාංග වලට යොමු වෙමු කියල ඉල්ලනව මම ඔයාල හැමෝගෙන්ම.

මෙතනින් ගිහින් බාගන්න 13.2MB

Tuesday, August 16, 2011

එලිසබෙත් මහරැජිනගේ (Queen Elizabeth) ලැප්ටොප් එක මෙන්න...

 http://www.foxnews.com/images/267418/0_64_queen_elizabeth_030607.jpg

ඔන්න ඉතින් මම අද ආවෙ ටිකක් විතර වෙනස් පෝස්ට් එකක් අරගෙන. මේක මටත් ආපු ඊ මේල් එකක්. මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්නෙ අපේ මහ රැජිනි කියලයි කියන්නෙ..හිහිහි....
ඔන්න එහෙනම් බලාගන්න... මේකෙ performance නම් සදහන් වෙලා නෑ.Ubuntu මෙහෙයුම් පද්ධතිය දුවන බවනම් පේන්න තියෙනව.ආහ්... කියන්නම හිටපු දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මේ පෝස්ට් එකත් එක්ක මේ දක්වා පෝස්ට් ගාණ 18යි. බ්ලොග් එක තාම මාස දෙක හමාරක බිලින්දෙක්... ඒත් අද හෙටම අපිව බලන්න ආපු අය ගණන ඉලක්කම් 4ක අංකයකට යන්නයි යන්නෙ.ඉතින් ඒ ගැන හද පතුලින්ම නිහතමානී ආඩම්බරයක් සතුටක් තියෙනව. මේක බලන ඔයා ඇතුලු හැමදෙනාම නිසයි ​අපි මේ කඩඉමට ලං වුනෙ..ඉතින්... ඔයාටත්,ඔයා වගේම මේක කියවන අනිත් හැමෝටමත් බොහොමත්ම ස්තූතියි මේ විදියට රැදිල ඉන්නවට.




;






;


කොහොමද භාණ්ඩෙ.... පිස්සු හැදෙනව නේද..... මට අහන්න තියෙනව දෙයක් ඔයාලගෙන්... ඔයා එලිසබෙත් මහ රැජිනනම්.... මේ වගේ ලැපක් පාවිච්චි කරනවද? මට නම් එපා...... හිහිහි...

Monday, August 15, 2011

පසුගිය මාස 12 තුළ ලංකාවේ අපි Google හි ඇතුල් කළ ජනප්‍රියම වචන 50 මෙන්න...

http://www.ukrainians.ca/images/stories/news3/google-search-girl.jpg

මේ වචන 50 තමයිලු ලංකාවෙ කස්ටිය Google මාමට කියල හොයවපු searches වල වැඩිපුරම තිබුණු වචන පනහ.අපේ අයියල අක්කල වැඩිපුරම උනන්දු මොනවටද කියල බලාගන්න පුලුවන් මේකෙන්...මේ තියෙන්නෙ ඒ වචන..

මේ දේවල් ප්‍රයෝජනවත් වේවි ඔයාල ලිපියක් ලියන්න මාතෘකාවක් එහෙම තෝරගන්න ගියාම.(මට හිතෙන විදියට)හොදයිනම් ප්‍රයෝජනවත් උනානම් යාලුවොත් එක්කත් බෙදා ගන්න. Comment එකකුත් දාන්න අමතක කරන්න එපා...