Sunday, June 5, 2011

ධම්ම පාසාදිකය



ධම්ම පාසාදිකය යනු ත්‍රිපිඨක සෙවුම් වැඩසටහනකි. මෙමගින් metta.lk හි ඇති ත්‍රිපිඨක පරිවර්තනයේ අන්තර්ගතය තුල සෙවීම් කල හැකිය(අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ).

උදාහරණ වශයෙන් යම් සූත්‍ර දේශනාවක් ත්‍රිපිඨක තුල අන්තර්ගත වන්නේ කවර ස්ථානයේද යන්න නොදත් විට එම සූත්‍ර දේශනාවේ නම මෙම නිවැරදිව මෙම වැඩසටහනට ලබාදීමෙන් අදාල සූත්‍රය(metta-net පරිවර්තනය) ප්‍රතිඵලය ලෙස ලැබේ. එමෙන්ම කිසියම් වචනයක් උතුම් ත්‍රිපිඨකය තුල සඳහන් වන්නේ කවර සූත්‍ර දේශනා තුලද යන්නද මෙම පරිගණක වැඩසටහන මගින් සොයාගත හැකිය.උදාහරණයක් ලෙස යම් අයෙකුට "සතිපට්ඨානය" යන වදන ත්‍රිපිඨකයේ කවර ස්ථානයන්හි සඳහන්වේද යන්න දැන ගැනීමට "සතිපට්ඨානය" ලෙසින් මෙහි සෙවුමක් යෙදූවිට මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුලු තවත් සූත්‍ර විශාල සංඛ්‍යාවක් ප්‍රථිඵල ලෙස ලැබේ.



ධර්මය වඩ වඩාත් බුද්ධ ශ්‍රාවකයින් අතරට ගෙනයාම මෙම පරිගණක වැඩසටහනේ අරමුණයි.


පහතින් සදහන් කරන ලින්ක් එක තුලට ගොස් ගැලපෙන සංස්කරණය ​තෝරා ගන්න

TipitakaSearch

3 comments:

  1. පූජ්‍ය ගිංතොට සුචිතනන්ද හිමිAugust 28, 2011 at 10:41 PM

    බාගතකර ගතිමි. ඉතා වැදගත් මග පෙන්වීමකි. ඔබට බොහෝම පිං. ඔබට තෙරුවන් සරණින් තවදුරටත් මෙවන් සත් කාර්යයන් කිරීමට හැකියාව, මානසික ශක්තිය ලැබේවා......! ගුණ නුවණින් වැඩේවා....!

    ReplyDelete
  2. @පූජ්‍ය ගිංතොට සුචිතනන්ද හිමි
    ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තූතිය පිරිනමමි.හැකි සෑම විටම මෙවැනි දෑ ලබාදීමට කටයුතු කරන්නෙමි. තෙරුවන් සරණයි..!!

    ReplyDelete
  3. Great work.. Theruwan saranayi!

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..