Friday, September 2, 2011

Blogger සේවය Wordpress එකට වඩා ඉදිරියෙන් සිටීයැයි කීමට හේතු 7ක්....


                         https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_Ykgx66M1FvUS15EvtsN-t23jg94ytJZJ2KcpbvF1bfx6upYegOA-Vy-d4fvKUDARH4_y3HW7UFMNU-XOsqE7xhmYcY8MfQj4irc7_JOivzeR319TDOn986XhsjyeOptIG3TYEiDZ_Hs/s400/blogger+is+better+than+wordpress.jpg 

නව බ්ලොග් එකක් ආරම්භ කරන්න ඉන්න කාටහරි තමන් බ්ලොග් එක ඇරඔන්න ඕනෙ මොන සේවාවක් තුළද කියන ප්‍රශ්නෙ නිතැතින්ම ඇති වෙනවනෙ.පිළිතුරු විදියට එවැනි සේවාවන් දුසිම් ගණන් තියෙනව.මේ අතරින් ඉදිරියෙන්ම ඉන්න සේවාවන් දෙක වන Blogger හා Wordpress අතරින් Blogger වඩා හොදයැයි කියන්න පුලුවන් හේතු 7ක් තමයි මේ කියන්න යන්නෙ. මම මේ ඉදිරිපත් කරන්නෙ මගේ අදහසක් නෙවෙයි අන්තර්ජාලයේ පලවෙච්චි අදහස් ගොණු කිරීමක්. ඔයාලගෙ අදහසුත් තියෙනවනම් ඒවත් සදහන් කරන්න...
01)ඔබේ පවතින Google Account එක සමග Login විය හැකි වීම
 මෙය Blogger වලට විශාල ධනාත්මක වටිනාකමක් දෙන්නකි. Google සමග AdSense, AdWords,හා Webmaster tools වැනි බොහෝ දේද අපේ භාවිතයට යොදා ගත හැක
මෙම නිසා බ්ලොග්ගර් වෙත ලියාපදිංචි වීමද Google Account හිමියෙකුට පියවර 2ක 3කින් සිදුකළ හැක

02)Google මගින් Backed up වීම
 Blogger හට ලොව විශාලතම සහ බලවත්ම අන්තර්ජාල සමාගම යටතේ තම තොරතුරු Backed up කරගැනීමට හැකි නිසා ඔබේ දත්ත වල ආරක්ෂාව අන් සේවා වලට වඩා තහවුරු වනු ඇත.එමෙන්ම නවතම අංග Wordpress එකට වඩා ඉක්මනින් ලබා දෙන්නේ Blogger වේ.ඉතිහාසයට අනුව widgets, add-ons, සහ templates මුලින්ම ලබා දී ඇත්තේද බ්ලොග්ගර් වේ..

                                             http://content8.clipmarks.com/clog_clip_cache/amplify.com/875FE7B9-2A0B-46AB-8872-B6A96889623A/A770B863-A3E7-40F7-8812-A07BC7479483

03)Visual Appearance සහ Templates වල Code වෙනස් කළ හැකි වීම
 Wordpress සේවාවට වඩා දර්ශනය වන ආකාරය වෙනස් කිරීමට ඉඩ දීම අතින් බ්ලොග්ගර් ඉදිරියෙන් සිටී.බ්ලොග්ගර් විසින් Templates සිය ගණනක් භාවිත කිරීමට අපට ඉඩ සලසයි.එමෙන්ම අන්තර්ජාලය පුරා තෙවන පාර්ශවීය ටෙම්ප්ලේට් නිර්මාණද බ්ලොගගර් සදහා බිහිවේ.

04)Indexing කාලය අඩු වීම
 ගූගල් සමග ඇති සම්බන්ධය නිසා හෝ Blogger වල දියුණු Indexing ක්‍රමය නිසා ඔබ යම්කිසි පෝස්ට් එකක් කළ පසු අන් සේවාවලට වඩා ඉක්මනින් එය සෙවුම් යන්ත්‍ර වෙත යනු ඇත.එමගින් ඔබට වැඩිපුර සෙනගක් ඉක්මනින් බ්ලොගය කරා ලගා කරගත හැකිවනු ඇත.ඔබ අරඔන්න යන්නේ උණුසුම් පුවත් ලබාදෙන අඩවියක්නම් බ්ලොගගර් වඩාත් සුදුසු වන්නේ මේ නිසයි.නැතිනම් සොයන්නන්ට ඔබේ ලිපියෙහි උණුසුම ගොස් දින 2කට විතර පසුව ලිපිය දක්නට ලැබෙනු ඇත..

05)භාවිතයේ පහසුව
බ්ලොග්ගර් සත්‍ය වශයෙන්ම නිර්මාණය කර ඇත්තේ plug and play design ක්‍රමයටයි.මෙය නවක බ්ලොග් කරුවන්ට ඉතා පහසුවකි.Google login එකක් ඇති අයෙකුට පියවර 2කින් 3කින් බ්ලොග් පෝස්ට් ලිවීම ඇරඹිය හැක.

06)විවිධාකාර Accounts එකට සම්භන්ධ කරවීම
බ්ලොග්ගර් හි ඇති dashboard පහසුකම නිසා වෙනත් සේවාවලදී මෙන් නොව එකම login එකක් පාවිච්චි කර dashboard වෙත පිවිසිය පසු පරිශීලකයාගේ සියලු බ්ලොග් වල විස්තර දැනගැනීම සහ වෙනස් කිරීම් එකම තැනකින් සිදු කළ හැක.

07)සද්ධන්ත Blog ජාලය
Blogger සේවය අන් සියල්ල අභිබවා සිටින නිසාම එය වටා අතිවිශාල බ්ලොග් කරුවන් සංඛ්‍යාවක් සහ බ්ලොග් සංඛ්‍යාවක් සිටී.නව බ්ලොග් කරුවෙක් පිවිසුණු පසු ඔහුට උදව් කිරීමට මිලියන ගණන් බ්ලොග් බලා සිටී.එමෙන්ම එකම වර්ගයේ රසවින්දනයන් ඇති බ්ලොග්ද මිලියන ගණනක් නවකයාගේ පිටුපස සිටී.Google හි බුද්ධිමත් සම්භන්ධ කිරීමේ ක්‍රමය නිසාම නවකයෙකුට අවශ්‍ය මෙවැනි බ්ලොග් වර්ග ඔහුගේ බ්ලොගයේ උඩ ඇති search bar එකෙහි "random" හා "next blog" යන්න තුළට ඉබේම ඇතුල් වේ.එමෙන්ම ඔබට එම search bar එක හංගන්න අවශ්‍යනම් එය කිරීමේ හැකියාවද ඔබට තිබේ.

doodeyerick.com ඇසුරිණි..

ඔබ මේ පිළිබදව සිතන ආකාරය වෙනස් වන්නට පුලුවන්... එසේනම් එය සදහන් කිරීමේ ඉඩකඩ නිදහස ඔබ සතුයි. මෙම ලිපියට එකතු විය යුතු දේවල් ඇත්නම් ඒවාද සදහන් කරන්න ඔබට පුලුවන්.. ඔබට ජය....!!

ප.ලි. මට පේන විදියට අද මේ 25 වැනි පෝස්ට් එකත් එක්ක මේක බලන්න එන ඔයාල නිසා අපිව බලන්න ආගිය ගණන 2000 පනින්නයි යන්නෙ... !! හරිම සතුටුයි ඒ ගැන... ඔයාලට ගොඩක් ස්තූතියි..

5 comments:

  1. දැනුවත් කිරීම සම්බන්ධයෙන් තෑන්ක්ස් මචං.

    ReplyDelete
  2. මම හිතනේ ඔබ කියලා තියෙන්නේ Wordpress.com ගැන. Wordpress.com වලට වඩා නම් Blogger.com හොදයි. එත් අපේ වෙනම Host එකක. Wordpress Install කරලා බ්ලොග් අඩවියක් නර්මානය කර ගත්තොත් පහසු කම් වැඩි. මොකද අපිට කැමති ආකාරයකට ප්ලගින ,තිම් වලින් නර්මානය කර ගන්න පුලුවන් එතකොට ප්ලගින,තේමා සිමිත නෑ

    ReplyDelete
  3. @උදාර
    ඒක සුලු දෙයක් මචං... වැදගත් වුනා කියල හිතනව මේ ලිපිය..

    ReplyDelete
  4. @Nadun Ranaweera
    ඔව් මිත්‍රයා මම කියල තියෙන්නෙ එම වෙබ් අඩවි 2 ගැන.නවකයෙකුට බ්ලොගයක් ආරම්භ කිරීමකදී ප්‍රයොජනවත් වෙන්න.ඔබ කියපු තොරතුර මම දැනගෙන හිටියෙ නැහැ.දැනුවත් කළාට ස්තූතියි..

    ReplyDelete
  5. ඇත්තටම බ්ලොග්ර් කියන්නේ ගොඩාක් සරල දෙයක්.. ඒ අතින් අනිත් කිසිම මෙවන් සේවාවක් සපයන තැනක ඒ තරම් සරල බවක් මම දැකලා නැ..

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..