Sunday, August 28, 2011

බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වෙන සාස්තරයක් කියමුද?



අද කියන්න යන දේ සාස්තරයක් වගේ වුනාට අවශ්‍යතාවයේ හැටියට ප්‍රයෝජනයට ගන්නවනම් තමයි වටිනකම වැඩි වෙන්නෙ.මේක ලේසියෙන් ඕනම තැනකට දාන්න පුලුවන් Code එකක්.ඔයාල ලිපියක් ඉදිරිපත් කරන කොට මේ වගේ පොඩි code කෑලි අවශ්‍යතාවයේ හැටියට දානවනම් ඒක බලන කෙනාට ලොකු පහසුවක් වේවි.මට හිතෙන හැටියට මේ කෝඩ් එක වැදගත් වන වෙබ් අඩවි පහත සදහන් විදියට වර්ග කළා





 Your screen's width:
Your screen's height:
Your screen's color Depth:
Your screen's pixel Depth:


  • සොෆ්ට්වෙයාර්ස්,ගේම්ස් වගේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන වෙබ් අඩවි මම දැකල තියෙනව.ඒ වගේ අයට අලුත් හදුන්වාදීමකදී ඒකෙ system requrements ඉදිරිපත් කරද්දි මේ පහසුකමත් පෝස්ට් එකෙන්ම ලබා දුන්නම තමන්ගෙ screen එකේ විස්තර දැනගන්න බලන කෙනාට පහසුයි. 

  • සමහර වෙබ් අඩවි චිත්‍රපටි ඉදිරිපත් කරනවිටත් ඒ video එකේ resolution එක ගැන කියද්දි මේ පහසුකම තුළින් නරඔන්නාට තීරණය කරන්න පුලුවන් කොයිතරම් හොදට ඒ වීඩියෝව තම පරිගණකයේ දර්ශනය වෙනවද කියල 

  • සමහර වෙබ් අඩවි හැම resolution එකකින්ම සාර්ථකව දර්ශනය වෙන්නෙ නෑ.ඉතින් ඒ පිළිබදව පරිශීලකයා දැනුවත් කරද්දී හෝ ඔහුගෙන් සමාව අයදිද්දි ඔහුගේ screen details එක්කම ඉදිරිපත් කරන්නත් පුලුවන්. (වෙබ් අඩවි නියමිතම resolution එකකට බැලිය යුතු අවස්ථාවකදි ඒ පිලිබදව පාඨකයා දැනුවත් කරන හොද ක්‍රමයක් ලගදිම දෙන්නම්.)

  • තාක්ෂණික ගැටලු ගැන සාකච්ඡා කරන forums වලදි කාට හරි screen resolution ප්‍රශ්නයක් ආවොත් ඔහුට/ඇයට (ගොඩක් වෙලාවට මේ වගේ පොඩි ප්‍රශ්න එන්නෙ "ඇය" ලට..හිහිහි) වඩා සාර්ථක පිළිතුරක් දෙන්න මේකත් එක්ක පුලුවන්.
මෙන්න කෝඩ් එක
<table border="0"><tbody>
<tr> <td><form method="POST" name="t">
<table border="0"><tbody>
<tr> <td bgcolor="#00FFFF" valign="top" width="150"><b>Your screen's width:</b></td>  <td><input name="t1" size="20" type="text" value="not supported" /></td>  </tr>
<tr>  <td bgcolor="#00FFFF" valign="top" width="150"><b>Your screen's height:</b></td> <td><input name="t2" size="20" type="text" value="not supported" /></td> </tr>
<tr> <td bgcolor="#00FFFF" valign="top" width="150"><b>Your screen's color Depth:</b></td> <td><input name="t3" size="20" type="text" value="not supported" /></td> </tr>
<tr> <td bgcolor="#00FFFF" valign="top" width="150"><b>Your screen's pixel Depth:
</b></td> <td><input name="t4" size="20" type="text" value="not supported" /></td> </tr>
</tbody></table>
</form>
</td> </tr>
</tbody></table>
<div align="left">
<script>
<!--

/*
Surfer's Screen Type Detection Script- spm (sinhalapcmag.blogspot.com)
For full source code, installation instructions,
*/

function show(){
if (document.all||document.getElementById||document.layers){
document.t.t1.value=screen.width
document.t.t2.value=screen.height
document.t.t3.value=screen.colorDepth
document.t.t4.value=screen.pixelDepth
}
}
show()
//-->
</script>
මේ කෝඩ් එක ස්ථාපිත කරන්න පුලුවන් ඕන විදියකට. ඒ කිව්වේ... Permenent විදියට දානවනම් දාන්න මේක < බොඩි > ටැග් එකට යටින්. ඒ ටැග් එක හොයාගන්න දන්නෙ නැත්තම් පටා....ස් ගාල අහන්න හොදේ...

එහෙමත් නැත්තම් පුලුවන් Gadget එකක් විදියට බ්ලොග්ගර් වල ඇඩ් කරගන්න.  Design --> Layout -->Add a gadget --> Html/Java script ක්‍රමයට ඒක කරගන්න පුලුවන්.

මම දාල තියෙනව වගේ පෝස්ට් එකකට දානවනම් ඉතින් පෝස්ට් එක ලියද්දි HTML view එකේදි මේක paste කරගන්න විතරයි තියෙන්නෙ.

හරිම පහසුයි... මේක ප්‍රයෝජනවත්ව යොදාගන්න එක ඉතින් ඔයාලගෙ ටිකිරි මොළ වලටම බාරයි ඉතින්... මම නැවත නැවතත් ඉල්ලන්නෙ මේ වගේ ලිපි වල මොනම හරි අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න දෙපාරක් හිතන්න එපා.මොකද ඔයාලට මේව තේරුම් ගන්න අපහසුනම් මම අත රිදෙනකම් type කරන එකෙනුත් වැඩක් නෑ.ඔයාලට ප්‍රයෝජනයක් ලැබෙනවනම් ඉතින්අත ගැලවිල ගියත් කමක් නෑ... :D  සුභ දවසක් !!

4 comments:

  1. අයි මම මුලින්ම මේකට ආවේ. සිංහලෙන් වැඩ කරන බ්ලොග් කරුවන්ට වගේම අනිත් යටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වැඩක්. මගේ සුබ පැතුම්

    ReplyDelete
  2. මාත අදයි මෙහෙ පලමු පාරට ආවේ.මැක්සා වැඩක් වගේ.කොරලම බලමුකො.

    ReplyDelete
  3. @අම්බලම
    සාදරයෙන් පිළිගන්නවා අම්බලම.. ප්‍රතිචාරය නිසා මාර කික් එකක් ආව...හිහිහි... ස්තූතියි..සුභ දවසක්..!

    ReplyDelete
  4. @නිකමා
    සාදරයෙන් ඔයාවත් පිළිගන්නවා නිකමෝ.. කරල බලල හොදයිනම් කියන්න.. ප්‍රතිචාරයට ස්තූතියි... සුභ දවසක්...

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..