Wednesday, August 24, 2011

මෙන්න නියම වැඩක් - Facebook status එක Google Plus හරහා update කරමු...හෙහ් හෙහ්...



අපි මෙව්ව මෙහෙම කරනව කියල facebook අයියල දැනගත්තොත් ඉතින් බඩ හපාගෙන මැරෙයි.. :) මහලොකු වැඩකුත් නෙවෙයි ඇත්තටම මේක,facebook එකෙන් සහ G+ එකෙන් දෙන පහසුකම් 2ක් එකට යොදාගෙන කරන ඇටවුමක් ​මේක..

පියවර 01
මුලින්ම කරන්න ඕනෙ  මෙන්න මෙතනින් ගිහින් facebook update කරන ඊ මේල් ලිපිනයක් ලබාගන්න. මේ ක්‍රමය කවුරුත් දන්නව ඇතිනෙ. ඒ මගින් ලබාදෙන ඊ මේල් ලිපිනයට යවන ​ලිපියෙහි අඩංගු දේවල් එවෙලෙම අපේ facebook ගිණුමට post වෙනව..

පියවර 02

දැන් යන්න ඔබේ Google Plus ගිණුමට.එතන තියෙන circles අංශයට යන්න.


සර්කල්ස් අංශයට ටැබ් එක
 දිස් වන්නේ මේ ආකාරයටයි.



පියවර 03
නව කවයක් (සර්කල් එකක්) හදන්න. එයට කැමති නමක් දෙන්න. උදා-my facebook circle. එහි ඇති නව පුද්ගලයෙක් එකතු කිරීමේ අංශයට යන්න.(පහත පරිදි)


එහිදී ඔබ පියවර 01 දී ලබාගත් ෆේස්බුක් ඊ මේල් ලිපිනය මෙහි සටහන් කරන්න.දැන් තේරෙනව ඇතිනෙ වෙන දේ..


පියවර 04
දැන් ඔබ ඔබේ Google plus stream/status එක update කරන විට "Add more people" යන්න තුළින් කලින් සකස් කරගත් circle එක එකතු කරන්න.


මතක ඇතුව Also email 1 person not yet using Google+ යන්න ඉදිරියෙන් හරි ලකුණක් දාන්න.
එච්චරයි. දැන් ඔයා Google status එක update කරනකොටම අර ලිපිනයටත් email එකක් යනව... ඒ ලිපියෙ එන එක කෙලින්ම ඔයාගෙ facebook status එකට update වෙනව.... හොදයිද වැඩේ...?




මෙච්චර වෙලා ලිපිය කියවපු ඔයා comment එකකුත් දාගෙනම යන්න.... සුභ දවසක් !

2 comments:

  1. ඔය වැඩේ ලේසියෙන්ම Google+Facebook කියන Chrome extension එකෙන් කරගන්න පුලුවන්.. මෙන්න ලින්ක් එක

    ReplyDelete
  2. @චතුවා (ළමයා)
    බොහොම ස්තූතියි චතුවා තොරතුරට.. මම ඒක දැනගෙන හිටියෙ නැහැ.. කොහොම වුනත් chrome use නොකරනවනම් මේ විදියට කරන්න පුලුවන්.. ඔයා කියපු ක්‍රමෙත් කරල බලන්න ඕනෙ chrome දාගෙන.. සුභ දවසක්!

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..