Monday, August 15, 2011

Fake (බොරු) Facebook Conversation එකක් හදමුද? හිහිහි...

කොහොමද ඉතින් කට්ටියට? පේනව නේද අපේ Facebook page එකට පහුගිය දවස්වල ලෝකෙ පුරා විවිධ පුද්ගලයන්ගෙන් තිබුණු comments.. ඕකනෙ මම හැමදාම කියන්නෙ පස්සෙ පසුතැවෙන්නෙ නැතුව දැන්ම අපේ Page එකට Like පාරක් දාන්න කියල.පස්සෙ ඉඩ මදි උනොත් අපි දන්නෙ නෑ හොදේ...
දැන් මම දන්නව කට්ටියටම ඕනෙ මම මේක කරපු විදිය දැන ගන්නනෙ... ඔයාල Comments දැම්මෙ නැහැ කියල මම දන්න දෙයක් කවදාවත් නොදී ඉන්න අදහසක් නෑ ඕන් එහෙනම් අහගන්නකෝ..

මේක ඉතින් කියල දෙන්න කලින් මැජික් වගේ වුනාට කිව්වට පස්සෙ කියයි අයියෝ... ඕකත් වැඩක්ද කියල නේ... හිහිහි... (ශර්ලොක් හෝම්ස් කියන්නෙත් එහෙමයි... ඒකයි මාත් කිව්වෙ.... හැබැයි එහෙම කියල හෝම්ස් මහත්තය කවදාවත් හංගල මැජික් පෙන්නල නැහැනෙ.ඉතින් අපිත් එහෙමයි..)

මුළින්ම යන්න මෙන්න මෙතනට.

එතන තියෙන මේ පින්තූරෙ තියෙන විදියට එතන තියෙන CREATE A NEW CONVO උඩ ක්ලික් කරන්න..









 

දැන් මෙන්න මේ කොටුව යොදාගෙන Conversation එක ගොඩනගන්න.




Name of Commenter: පුද්ගලයාගේ නම. (මුලින්ම දැමිය යුත්තේ post එක කරන කෙනාගේ නම සහ comment එකයි). උදා- මගේ convo එකේ - සිංහළ PC magazine ..

Choose an image: අදාල පුද්ගලයාගේ image එකක් තෝරා ගන්න. ඔවුන් ලග තිබෙන එකක් හෝ google හරහා හෝ ඔබේ facebook ගිණුමේ මිතුරන්ගේ ඡායාරූපද ගත හැක

Comment: අදාල comment එක (මුලින්ම දැමිය යුත්තේ post එක කරන කෙනාගේ comment එකයි)

උදා- මගේ convo එකේ - Fake Facebook Conversation එකක් හදමුද? හිහිහි...

දිගින් දිගටම මේ ආකාරයට comments එකතු කර ගන්න.


ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් ඒ බව කියල යන්න.ඔයාලගෙ comments අර උඩ comment කරපු අයගෙ ඒවට වඩා මට වටිනව.හිහිහි...

ආ.... facebook page එකට like එකක් දාන්න පරක්කු වෙන්න එපා කළින් කිව්ව වගේ..



4 comments:

  1. මරු මරු.... ඔන්න කමෙන්ටුවක් දැම්මා...

    ReplyDelete
  2. ෂහ්.... හොය හොයා හිටපු එකක්..... තැන්කූ

    ReplyDelete
  3. නියමයිනෙ.... ගොඩක් සතූතියි හොදේ...

    ReplyDelete
  4. @Ano - බොහොම ස්තූතියි ඇනෝ..

    @සමන්ත - ප්‍රයෝජනයක් වුනානම් මටත් සතුටුයි.ස්තූතියි ප්‍රතිචාරයට

    @සොනාලි - ඕක මොකද්ද... ආපහු ඇවිත් යන්න..

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..