Thursday, August 11, 2011

Twitter හෝ Facebook status දාන්න වැඩ පාඩු කරගන්න එපා..මෙන්න විසදුම...


යාලුවන්ගෙ birthday එක දවසට ඔයා ඉන්නෙ බර වැඩකනම් ඉතින් එයාලට wish කරන්න status එකක් එහෙම දාන්න කරදරයිනෙ. අනික කවුද දන්නෙ වැඩ අස්සෙ ඔව්ව අමතක වෙයිද කියල... නේද.... එහෙම නැත්තම් හිතන්න අපි මොකක්හරි උත්සවයක් සංවිධානය කරනව කියල,wedding 1k වගේ.. ඉතින් ඔයා මනාල මහත්තය හරි,මනාල මහත්මිය හරිනම් පෝරුවට නගින වෙලාව,පිටත්වෙන වෙලාව එහෙම යාලුවන්ටත් real time ම facebook එකේ status වලින් දැනුම් දෙන්න තියෙනවනම් නියමයි නේද? මොකද ඉතින් පෝරුව උඩ ඉදන් phone එකෙන් facebook යන්නෙයි? හිහිහි... ඉතින් මේ වගේ මෙකී,නොකී වැඩ (ඒව හිතාගන්න එක ඔයාලම කරගන්න) කරගන්න වටින කියන චූටි software බට්ටො 5ක් අද මම ගෙනාව..

මේවයින් පුලුවන් යාලුවනේ අපේ status updates වගේ දේවල් schedule කරන්න. ඒ විතරක් නෙමෙයි,ඒ ඒ software කෑලි වලට අඩංගු වෙන වෙන පොඩි පොඩි වැඩකෑලිත් තියෙනව කියලයි developers ල කියන්නෙ. හොදම දේ තමයි මේ ඔක්කොම නොමිලේ... (අපි කවද්ද සල්ලි දීල ගත්තෙ නේද? )


TweetDeck
​Facebook හා Twitter යන 2ම සමග හොදින් වැඩ කරන මෙයා ගොඩක් පුංචි සොෆ්ට්වෙයාර් බට්ටෙක්.නමුත් දැන් මෙයා twitter සේවයේ කොටසක් බවටත් පත් වෙලාලු.සෝෂල් නෙට්වර්ක් වලට අවශ්‍ය කරන සියලුම ජාති මෙයාට දීල තියෙනව කියලයි කියන්නෙ.
TweetDeck බාගන්න මෙතනින් යන්න..


HootSuite

මේක සොෆ්ටිවෙයාර් එකක් උනාට බාගන්න අවශ්‍ය නෑ.web based software එකක්. අපේ status එක post කළාම මෙයා අපිට e mail එකක් මගින් ඒක දැනුම් දෙනව.
hootsuite සේවයට මෙතනින් යන්න.


Su.pr

මේකත් කළින් එක වගේම web based service එකක්. බොහොම සරලව වැඩේ කරගන්න පුලුවන් වීම වාසියක්.
මේක ගැන වැඩිය කියන්න අවශ්‍ය නෑ.ගිහිල්ලම බලන් එක හොදයි. මෙතනින් යන්න..

Social Tomorrow

මේකත් web based software එකක්. මේකෙන් අපේ status,wall posts වගේම fan pages වල status පවා දාන්න ඉඩ දෙනවලු.නොමිලේ දෙන ගිණුමෙ මාසෙකට දාන්න පුලුවන් status 10 යිලු.ඒ මදැයි නේද?.. මේක ගැනත් වැඩිය කියවනවට වඩා ගිහිල්ලම බලා ගන්න එක හොදයි. මෙතනින් යන්න..

LaterBro

facebook,twitter යන 2ම එක්ක හොදින් වැඩ කරන්න පුලුවන් software එකක් මේක. මුලින්ම අපේ එකවුන්ට් එක​ට ලොග් වෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ​authorize කරන්න ඕනෙ.ඊට පස්සෙ අපේ time zone එක සෙට් කරගත්තට පස්සෙ මේකෙන් වැඩ කරන්න පුලුවන්.එහෙම නැත්තම් වෙලාවක් නොදී frequency එකක් දීලා ඊට අනුව status update කරවන්නත් මෙයා නිසා අපිට පුලුවන්. වැරදියට දාන්න ගිය status ආපහු delete කරල හදල දාන්නත් මෙයා ඉඩ දෙනවලු.facebook වගේ එකක ඔයාල එකවුන්ට් එකකට වැඩිය තියාගෙන ඉන්නවනම් ඒ ඔක්කොටම මේ තනි software එකෙන් status schedule කරන්න පුලුවන්.
මෙතනින් ගිහින් ගන්න...


ඔන්න එහෙනම් එක වැඩක් කරන්න software එකක් වෙනුවට 5ක් ම දුන්න කැමති විදියට තෝරගන්නම. දැන් ඉතින් කියවල ඉවර එකේ comment එකකුත් දාල ගියානම් මම මෙච්චර type කරපු එකේ මහන්සියත් පටස් ගාල යයි. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්..


Facebook එකේ ඉන්න අනිත් යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න. Like එකක් එහෙම දාල Send එකෙන් send කරල එයාලටත් මේ ගැන කියන්න.


2 comments:

  1. මේක නම් වැදගත්වේවි මට.. :D ස්තූතියි දැනුවත් කලාට..

    ReplyDelete
  2. @චතුවා (ළමයා)

    ප්‍රයෝජනයක් වුනානම් ලොකු සතුටක්! සුභ දවසක්!

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..