Wednesday, August 24, 2011

Windows 7 හි Logon Screen ලේසියෙන්ම මාරු කරමු..

ඔයාල දන්නව ඇති Windows 7 Logon screen එක මාරු කරන මැනුවල් ක්‍රමය ටිකක් කරදර වැඩක්.. නියමිත සයිස් එකට පින්තූර හදන්නයි,රෙජිස්ට්‍රි එක වෙනස් කරන්නයි...... ඔය වගේ වැඩ වැඩියි ඒ ක්‍රමේට... නමුත් මේ කියන්න හදන්නෙ ඒ ටිකම ඉක්මනින් කරල දෙන පුංචි tool එකක් ගැන.
මම මේක අත්හදා බැලුව නිසා හොදයි කියල ඔයාලටත් නිර්දේශ කරන්න පුලුවන්.. මුලින්ම මෙතනින් ගිහින් මේ පුංචි සොෆ්ට්වෙයාර් එක බාගන්න. (769 KB\\788,343 bytes)

මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නෙ දිනපතා,එහෙම නැත්තම් අපි ලබාදෙන කාලයකට අනුව ඉබේම Logon Screen change වෙන පහසුකමක් එක්ක.නමුත් ඒ විදියට නැතුව එක පාරක් විතරක් අපිට logon picture එක මාරු කරගන්න අවශ්‍යයිනම් ඒකටත් ඉඩ දෙනව මේකෙන්. Software එක බොහොම සරලයි. මම හිතන්නෙ දැක්ක ගමන් ඔබට අවබෝධ කරගන්න පුලුවන් වේවි කරන ක්‍රමය. ඒ වුනාට කාට හරි මොනම හරි ගැටලුවක් තියෙනවනම් comment එකක් දාන්න.මම පටස් ගාල කරන ක්‍රමයත් ලියන්නම්.

එහෙනම් ආපහු ඉක්මනින්ම තවත් ලිපියකින් හමුවෙමු.. මම හිතනව මේ ලිපි ඔයාලට වැදගත් ඇති කියල. ඔයාලගෙ පහුගිය ප්‍රතිචාර වලට ස්තූතියි..!!

මෙච්චර වෙලා ලිපිය කියවපු ඔයා යන්න කලින් comment එකකුත් දාගෙනම යන්න.... සුභ දවසක් !

2 comments:

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..